රුමේනියාව නොසන්සුන්

රුමේනියාවේ වාමවාදී රජයට ඉල්ලා අස්වීමට බල කරමින් ක්‍රියාත්මක විරෝධතා කළහකාරී මට්ටමකට පත්ව තිඛෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසිය විසින් කදුලු ගෑස් ප්‍රහාරයන්ද එල්ල කළ බවයි.
ආණ්ඩුවට සම්බන්ධ පිරිස් වංචා දූෂණ සිදුකරන බවට චෝදනා කරමින් මෙම විරෝධතා ක්‍රියාත්මකයි.
මේ වන විට 80,000 ක පමණ පිරිසක් විරෝධතා සදහා සම්බන්ධවී සිටින බවද සදහන්.
විරෝධතාකරුවන් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට දැඩිව කටයුතු කරන බවයි රුමේනියානු පොලිසිය පවසන්නේ.