රෙස්ලිං තරුව කේන්ට වුණ දේ

WWE රෙස්ලිං පිටියේ සුපිරි ක්‍රීඩකයකු වන කේන් හෙවත් ග්ලේන් ජාකොබ් අමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ නොක්ස් කන්ට්‍රී හා නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්ව තිඛෙනවා.
ඒ නගරාධිපති ධූරය වෙනුවෙන් පැවැති ජන්ද විමසීමේදී වැඩි ජන්ද 25,000කින් ප්‍රතිවාදී අපේක්ෂිකාව පරාජය කරමිනුයි.
එහිදී කේන් ජන්ද 51,804 ක් ලබාගත් අතර ප්‍රතිවාදී අපේක්ෂිකා ලින්ඩා හැනී ලබාගත්තේ ජන්ද 26,224 ක් පමණයි.
වසර 23ක් පුරා රෙස්ලින් පිටියේ රැදී සිටින කේන් පවසන්නේ තමන් නගරාධීපති ධූරය දරන අතරතුර රෙස්ලින් ක්‍රීඩාවේ නිරත වන බවයි.
එයින් නගරයට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවයි ඔහු අවධාරණය කරන්නේ.
කේන් සුපිරි රෙස්ලපින් ක්‍රීඩක අන්ඩර්ටේකර්ගේ සොහොයුරාද වනවා.