රොයිටර් මාධ්‍යවේදීන්ට දුන් දඩුවම ගැන සුචී කතා කරයි

මියන්මාරයේ රෝහින්ග්යා සරණාගතයින් පිරිසක් ඝාතනය පිළිබද අනාවරණ කළ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට සිර දඩුවම් ලබාදීම සම්බන්ධයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා අවුන්සාන් සුචී අදහස් දක්වා තිඛෙනවා.
ඇය පවසන්නේ මෙම සිද්ධිය පිළිබද අනාවරණ කිරීම හේතුවෙන් එරට අධිකරණය ඔවුන්ට සිර දඩුවම් ලබා නොදුන් බවයි.
ඔවුන්ට දඩුවම් ලබාදීමට මුල්වී ඇත්තේ ඔවුන් රටේ නීතිය කඩ කිරීම හේතුවෙන් බවයි ඇය සදහන් කළේ.
මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කළ හැකි වුවද ඔවුන් රටේ නීතිය කඩ නොකළ යුතු බවයි ඇය පවසන්නේ.
මියන්මාරයේදී රෝහින්ග්යා සරණාගතයින් 10 දෙනකු ඝාතනය කරන ආකාරය මෙම මාධ්‍යවේදීන් අනාවරණ කළ අතර ඒ හේතුවෙන් ඔවුන්ට වසර 7ක සිර දඩුවම් නියම කෙරුණා.

මේ දක්වා ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදි නායිකාවක ලෙස නම් කර සිටි අවුන්සාන් සුචී එරට තුල හටගත් සිදුවීම් මාලාව සමග ලෝකයේම අප්‍රසාදයටද ලක්ව සිටිනවා.

Image result for myanmar reuters journalists

Image result for myanmar reuters journalists

Leave a Reply

Your email address will not be published. Required fields are marked *