රෝහල්ගත වෙන්න ඇලෝසියස් කළ ඉල්ලීම ඉවතට

කොන්දේ ආබාධයක් ඇති බව පවසා බන්ධනාගාර රෝහලට ඇතුළුවීමට අර්ජුන් ඇලෝසියස් මහතා කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමෙන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පසුගිය 7 වනදායි ඔහු මෙම ඉල්ලීම සිදුකර තිබුණේ.
කෙසේ වෙතත් ඔහුට එවන් රෝගී තත්ත්වයක් ඇත්නම් පමණක් අවශ්‍ය පහසුකම් සලසන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ.
මේ අතර ඇලෝසියස් මහතා විසින් පිටතින් රැගෙන එන කොට්ටයක් භාවිතා කිරීමට අවසර ඉල්ලා ඇති අතර එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කර ඔහු වෙත සාමාන්‍ය කොට්ටයක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
ආන්දෝලනාත්මක බැදුම්කර වංචාවට අදාළවයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21