ලංකාවට අපේ බලපෑමක් නෑ / චීනය යළි කියයි

ශ්‍රී ලංකාව සමග කටයුතු කරනු ලබන්නේ ද්ශපාලනික අරමුණකින් නොවන බව චීනය යලි අවධාරණය කරනවා.
චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක ජෙන් ෂුවාන් මහතා මේ බව සදහන් කළේ බීජිං නුවරදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනුයි.
ශ්‍රී ලංකාව චීනයේ ණය උගුලක හසුව නොමැති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයද මෙහිදී ඔහු විසින් පැසසුමට ලක් කර තිඛෙනවා.
චීනයේ සේද මාවත ව්‍යාපෘතිය යටතේ ලංකාව සමග සබදතා ගොඩනගමින් හා සංවර්ධන ව්‍යාපෘති වර්ධනය කරන අතරම එයින් දේශපාලනික බලපෑමක් රටකට එල්ල නොවන බවයි මෙහිදී අවධාරණනය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *