ලංකාවට විශිෂ්ට ජයක් / බිද වැටුණු වාර්තා 12 මෙන්න

ඉන්දියාවට එරෙහි පලමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කන්ඩායම අද කඩුලු 7 ක ජයක් හිමිකර ගත්තා. ධර්මසාලා හී පැවැති තරගයේ පලමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 112කට දැවී ගියා.අගනා ඉනිමක් ක්‍රීඩා කළ මහේන්ද්‍ර සිං දෝණි ලකුණු 65 ක් රැස් කළා.සුරංග ලක්මාල් ලකුණු 13කට කඩුලු 4ක් යි.නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවාගත්තා.මෙය ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩ එක්දින තරග පරාජයන් 12කින් පසු ලද පළමු එකිදන තරග ජයග්‍රහණයයි. දෙරට අතර දෙවන

එක්දින තරගය ලබන 13 වනදා මොහාලී හීදී පැවැත්වෙනවා.
මේ අතර අද තරගයේදී ඉන්දීය ක්‍රිකට් වාර්තා රැසක්ම බිද වැටුණා. මේ එම වාර්තා ලයිස්තුවයි.

ඉන්දියාව එරට තුලදී පලමුවෙන් පන්දුවට පහරදී දැවි ගිය අඩුම ලකුණු ගණන 112

ඉන්දියාවට එරට තුලදී එක්දින තරගයක රැස්කළ 3න්වන අඩුම ලකුණු ගණන 112

එක්දින තරගයකදී ඉන්දියාවට එරෙහිව කණ්ඩායමක් වාර්තා කළ වැඩිම නිලකුණු පන්දුවාර ගණන-පන්දුවාර 13ක්

එක්දින තරගයකදී ඉන්දීය පිතිකරුවකු කන්ඩායමේ ලකුණු සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා කළ 4 වන අවස්ථාව – මහේන්ද්‍ර සිං දෝණි 65 – සියයට 58

ඉන්දීය මුල් පෙල කඩුලු 5 අඩුම ලකුණු ගණනක් තුල දැවී යාමේ වාර්තාව – ලකුණු 16

ඉන්දීය මුල් පිතිකරුවන් 5 දෙනාගේ ලකුණු එකතුව අඩුම අවස්ථාව – 13

පවර්ප්ලේ අවස්තාවක මුල් පන්දුවාර 10 තුල ඉන්දීය පිල රැස්කළ අඩුම ලකුණු ගණන – ලකුණු 11 – කඩුලු 3යි

2001 වසරෙන් පසු මුල් පන්දුවාර 5 තුල කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුනු ගණන – ඉන්දියාව 2-2

එක්දින තරගයකදී ලකුනු නොලබා දැවී ගිය පිතිකරුවකු වැඩිම පන්දු ගණනක් ඒ සදහා වැය කළ අවස්ථාව -දිනේෂ් කාර්තික් පන්දු 18 ලකුණු 0

වසර 6 කට පසු ඉන්දීය පිලේ පිතිකරුවන් 4 දෙනකු ලකුණු නොලබා දැවී ගිය මුල් අවස්තාව – 2011 න් පසු

දැවී ගිය පලමු අවස්ථාවද වාර්තාවන්නේ මෙම තරගයේදීයි.