ලංකාවේ ක්‍රිකට් කෑවේ පරිපාලනයද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීම සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ.

පිරිසක් ක්‍රීඩකයන් වෙත වරද පැටවීමට උත්සුක වද්දී, ක්‍රීඩා ලෝලීහු පරිපාලනය වෙත අප්‍රසාදය පළ කරති.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්, කණ්ඩායමක් සූදානම් කිරීමේ අරමුණින් නවකයන් රැසක් සමගින් මීට වසර දෙකකට පෙර ඇරඹුණු ක්‍රිකට් ගමන අද පවතින්නේ කිනම් ස්ථානයක ද ?

මේ ඒ පිළිබඳව විමසා බැලීමක්.

2017 වසරේ එක්දින ක්‍රිකට් දක්ෂතා (23/10/2017 දක්වා)

තරග 26 යි පරාජයයන් 21 යි ජයග්‍රහණ 4 යි.

ජයගත් තරග වන්නේ ඉන්දියාව හා බංග්ලාදේශය සමගින් එක බැගින් හා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග දෙකක්.

තරග 26 දී, ක්‍රීඩකයන් 36 දෙනෙකු යොදාගත් කණ්ඩායමේ වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ තවත් නවකයෙකු වන නිරෝෂන් දික්වැල්ල පමණි. තරග 10ට අඩු සංඛ්‍යාවක් ක්‍රීඩක කර ඇති ක්‍රීඩකයන් ගණන 24 කි.

AD Mathews TAM Siriwardana JDF Vandersay N Pradeep
WU Tharanga LD Chandimal DM de Silva PLS Gamage
MD Gunathilaka PVD Chameera KMDN Kulasekara S Samarawickrama
HDRL Thirimanne A Dananjaya S Prasanna MDKJ Perera
DAS Gunaratne CK Kapugedera EMDY Munaweera MA Aponso
N Dickwella PC de Silva CBRLS Kumara AM Fernando
BKG Mendis MVT Fernando PM Pushpakumara
SS Pathirana RAS Lakmal SL Malinga
DS Weerakkody PWH de Silva LD Madushanka
NLTC Perera MDK Perera PADLR Sandakan

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 26 දී වැඩි ම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා වන්නේ තරග 10 ක් පමණක් ක්‍රීඩා කළ අකිල ධනංජයයි (කඩුලු 16).

Player Mat Inns NO Runs Ave HS SR 100 50
WU Tharanga 22 22 4 860 47.77 119 89.49 2 5
N Dickwella 23 23 0 770 33.47 116 94.82 2 4
BKG Mendis 22 22 1 587 27.95 102 78.79 1 4
MD Gunathilaka 12 12 0 509 42.41 116 83.85 1 4
DAS Gunaratne 16 14 3 432 39.27 114* 87.27 1 1
AD Mathews 12 11 3 420 52.50 70 77.34 0 3
HDRL Thirimanne 8 8 0 339 42.37 80 66.21 0 4
LD Chandimal 15 14 0 255 18.21 59 59.16 0 1
TAM Siriwardana 12 12 0 232 19.33 58 86.89 0 1
NLTC Perera 11 10 0 208 20.80 55 108.3 0 2
SS Pathirana 5 5 0 132 26.40 56 83.54 0 1
A Dananjaya 10 9 2 103 14.71 50* 57.86 0 1

වසර තුළ පන්දු යවන්නන් අතරින් වැඩි ම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇත්තේ තරග 16 ක් ක්‍රීඩා කර ඇති අසේල ගුණරත්නයි . ලසිත් මාලිංග හා සුරංග ලක්මාල් පමණක් තරග 13 බැගින් ක්‍රීඩා කර තිබේ.

Player Mat Inns Overs Runs Wkts Ave Econ SR 4 5
A Dananjaya 10 10 95 484 16 30.25 5.09 35.6 1 1
RAS Lakmal 13 12 102 545 15 36.33 5.34 40.8 0 0
DAS Gunaratne 16 14 82 441 10 44.1 5.37 49.2 0 0
SL Malinga 13 13 103.5 623 10 62.3 6 62.3 0 0
PWH de Silva 7 7 33.1 227 9 25.22 6.84 22.1 0 0
PADLR Sandakan 9 9 69.2 457 9 50.77 6.59 46.2 1 0
N Pradeep 7 6 52 285 8 35.62 5.48 39 0 0
PLS Gamage 4 4 30 168 7 24 5.6 25.7 1 0
NLTC Perera 11 10 57 350 6 58.33 6.14 57 0 0
KMDN Kulasekara 6 5 35.3 232 5 46.4 6.53 42.6 1 0
JDF Vandersay 6 6 51.5 276 5 55.2 5.32 62.2 0 0
CBRLS Kumara 4 4 30 256 4 64 8.53 45 0 0
LD Madushanka 4 4 24 172 4 43 7.16 36 0 0
S Prasanna 4 4 34 170 4 42.5 5 51 0 0

2015 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව එක්දින කණ්ඩායමට ක්‍රීඩකයන් 48 දෙනෙකු ක්‍රීඩා කර තිබේ. ඒ ටී එම් ඩිල්ශාන් ද ඇතුළුව යි.

එහිදී තරග 10 ට අඩු තරග සංඛාවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව 24 කි.

එදා සිට අද දක්වා නවකයන් 21 දෙනෙකු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලබා ඇත.

අදාළ කාලය තුළ එක්දින තරග 56 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 35 ක් පරාජය වී තරග 16 ක් පමණක් ජයගෙන තිබේ.

සංක්‍රාන්ති කාලයක් ලෙස සැලකූ පසුගිය වකවානුවේදී ක්‍රීඩකයන්ට ස්ථාවර වීමට ඉඩ ලබා දී තිබේදැයි පහත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී දැක ගත හැක.

තරග 56න් වැඩි ම තරග සංඛ්‍යාව ක්‍රීඩා කර ඇත්තේ තරග 39 බැගින් ක්‍රීඩා කර ඇති, දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස්. උපුල් තරංග තරග 28 ක් හා ඇන්ජලෝ මැතිව්ස් තරග 36 ක් ක්‍රීඩා කර තිබේ.

Player Mat Inns NO Runs Ave SR 100 50
LD Chandimal 39 37 6 1170 37.74 72.4 2 8
BKG Mendis 39 38 2 1156 32.11 84.56 1 11
WU Tharanga 38 35 7 1138 40.64 85.82 2 7
AD Mathews 36 32 6 1129 43.42 81.69 0 9
RAS Lakmal 32 20 8 122 10.16 63.21 0 0
N Dickwella 28 27 0 949 35.14 93.31 2 5
MD Gunathilaka 28 27 0 886 32.81 86.35 1 7
MDKJ Perera 27 26 2 860 35.83 95.23 2 4
TAM Siriwardana 26 23 1 513 23.31 98.46 0 3
HDRL Thirimanne 21 20 2 752 41.77 71.96 0 8
DAS Gunaratne 21 17 4 472 36.3 85.5 1 1
NLTC Perera 21 18 0 306 17 95.92 0 2

පන්දු යවන්නන්ගෙන් සුරංග ලක්මාල් තරග 32 ක් ඇන්ජලෝ (36) හැරුණු විට කිසිදු ක්‍රීඩකයෙකු තරග 30 ක් ක්‍රීඩා කර නැත.

ප්‍රධාන පන්දු යවන්නන්ගෙන් වැඩි ම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇත්තේ නුවන් ප්‍රදීප් (21), අසේල ගුණරත්න (21), තිසර පෙරේරා (21) ලසිත් මාලිංග (20) ඔවුන් තිදෙනා අතරින් නුවන් ප්‍රදීප් එක්දින පන්දු යවන්නෙකු ලෙස නමක් දිනා නැති අතර, ලසිත් මාලිංග ද ආබාධ හේතුවෙන් ඉහළ දක්ෂතා දැක්වූයේ නැත.

අසේල හා තිසර ප්‍රධාන පන්දු යවන්නන් ලෙස පන්දුවාර 10 සඳහා ම යොදාගන්නා ක්‍රීඩකයන් ද නොවෙති.

Player Mat Overs Wkts Runs Ave Econ SR
RAS Lakmal 32 231.2 39 1224 31.38 5.29 35.5
N Pradeep 21 157.2 23 925 40.21 5.87 41
DAS Gunaratne 21 112 18 559 31.05 4.99 37.3
SL Malinga 20 161.3 18 975 54.16 6.03 53.8
KMDN Kulasekara 16 96.3 17 546 32.11 5.65 34
AD Mathews 36 97.4 16 481 30.06 4.92 36.6
A Dananjaya 10 95 16 484 30.25 5.09 35.6
NLTC Perera 21 108 14 656 46.85 6.07 46.2
SS Pathirana 15 110.3 13 608 46.76 5.5 51
PADLR Sandakan 10 74.2 11 490 44.54 6.59 40.5
MDK Perera 7 57 11 303 27.54 5.31 31
S Prasanna 14 110 10 639 63.9 5.8 66
JDF Vandersay 11 74.5 10 430 43 5.74 44.9

2017 වසර තුළ ටෙස්ට් තරග 10 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ක්‍රීඩකයන් 21 දෙනෙකු ක්‍රීඩා කරවා ඇත. ඉන් වැඩි ම තරග සංඛ්‍යාව ලෙස තරග සියල්ල ම ක්‍රීඩා කර ඇත්තේ කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න පමණි.

Player Mat Inns Runs HS Ave SR 100 50
FDM Karunaratne 10 20 940 196 47 45.98 3 3
BKG Mendis 10 20 669 194 33.45 57.62 2 1
N Dickwella 8 16 639 83 42.6 76.16 0 6
LD Chandimal 9 18 637 155* 39.81 42.75 2 3
MDK Perera 8 16 452 92* 34.76 51.07 0 4
WU Tharanga 8 16 430 115 28.66 60.05 1 2
AD Mathews 6 12 328 83 27.33 49.1 0 1
DAS Gunaratne 4 6 230 85 46 50.88 0 2
HMRKB Herath 9 15 200 35* 16.66 49.14 0 0
RAS Lakmal 7 12 173 42 14.41 58.44 0 0
JK Silva 4 8 120 29 15 32.17 0 0
DM de Silva 4 8 111 34 13.87 58.42 0 0
S Samarawickrama 1 2 51 38 25.5 91.07 0 0
PADLR Sandakan 4 7 44 10 8.8 40.74 0 0
PM Pushpakumara 2 4 42 16 14 30.21 0 0
CBRLS Kumara 6 10 27 10 4.5 38.57 0 0
N Pradeep 6 12 20 10 1.81 25.31 0 0
MD Gunathilaka 1 2 18 16 9 40 0 0
HDRL Thirimanne 1 2 7 7 3.5 21.87 0 0
MVT Fernando 1 2 4 4* 4 14.81 0 0
PLS Gamage 1 2 2 1* 2 16.66 0 0

තරග 10 කදී, පන්දු යවන්නන් 15 දෙනෙකු අතරින් කඩුලු 10ට වැඩි සංඛ්‍යාවක් දවා ගෙන ඇත්තේ ක්‍රීඩකයන් 6 දෙනෙකු පමණි.

HMRKB Herath 9 16 1317 51 25.82 3.14 49.1 5 2
MDK Perera 8 14 1147 26 44.11 3.34 79.1 1 0
CBRLS Kumara 6 10 805 19 42.36 4.49 56.5 1 0
RAS Lakmal 7 13 625 15 41.66 2.95 84.5 0 0
N Pradeep 6 10 551 13 42.38 3.4 74.6 1 0
PADLR Sandakan 4 7 506 11 46 3.57 77.1 1 0
PM Pushpakumara 2 2 238 5 47.6 3.88 73.6 0 0
PLS Gamage 1 2 67 3 22.33 2.16 62 0 0
DAS Gunaratne 4 4 86 3 28.66 4.09 42 0 0
MVT Fernando 1 1 87 2 43.5 3.34 78 0 0
AD Mathews 6 2 93 2 46.5 2.51 111 0 0
MD Gunathilaka 1 2 57 1 57 4.75 72 0 0
FDM Karunaratne 10 3 67 1 67 3.72 108 0 0
DM de Silva 4 6 138 0 3.94 0 0
BKG Mendis 10 2 23 0 4.6 0 0

පසුගිය 2016 පන්දුවාර 20-20 ලොක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව තරග 12 කදී තරග 5 ක් ජය ගෙන තරග 7 ක් පරාජයට පත්ව තිබේ.

එම තරග 12 දී ක්‍රීඩකයන් 32 දෙනෙකු ශ්‍රී ලංකාව නියොජනය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩකයන් පරිපාලනය කළ ආකාරය සම්බන්ධයෙන් උදාහරණ තවත් අවශ්‍ය නොවනු ඇත.

ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම, දක්ෂතා නොදැක්වීම වැනි කරුණු ගෙන හැර දැක්වීමට හැකි මුත්, වෘත්තීය ක්‍රීඩකයන් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩාවක එවන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ම හාස්‍යයට කරුණකි.

පැහැදිලි දර්ශනයක් හා ඉලක්කයක් වෙත ගමන් කිරීමේදී, සැලසුම් සකස් කිරීම හා ප්‍රතිකර්ම යෙදීමේ වගකීම ඇත්තේ පරිපාලකයන්ට ය.

ප්‍රධාන පුහුණුකරුවෙකු හෝ සොයා ගැනීමට අපොහොසත් වීම, තේරීම් කමිටුවේ කාර්යභාරය විශ්ලේෂණය කිරීමට අපොහොසත් වීම, කළමනාකරුවන් විටින් විට හිතැඟි ලෙස වෙනස් කිරීම හා කෙටි කලක් තුළ නායකයන් වැඩි සංඛ්‍යාවක් කණ්ඩායම් මෙහෙයවීම වැනි කරුණු ද දුර්වලතා ලෙස දැක්විය හැකි නොවේ ද ?

පසුබෑමට වගකිව යුත්තේ, ක්‍රීඩකයන් ද ? පරිපාලනය ද ? ඉහත විශ්ලේෂණයෙන් ඊට පිළිතුරු ලැබෙනවා ඇත.

කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමට ඇති අවස්ථා අවම කිරීම, තම ස්ථානය පිළිබඳව ක්‍රීඩකයන් අතර ඇති අනපේක්ෂිත බව, විටින් විට පදනමකින් තොරව ක්‍රීඩකයන් වෙනස් කිරීම හා ක්‍රීඩකයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැනි කරුණු හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ද චිත්ත ධෛර්යය අවම වීම දැකිය හැක.

හෙට ගැන විශ්වාසයක් නොමැති විට, තමන් ගැන හෝ සිතා ක්‍රීඩා කිරීමට පෙළඹීමට පිඹුරුපත් සකස් කර ඇත්තේ පරිපාලනය නොවේ ද ?

මූලාශ්‍රය – ක්‍රික්ඉන්ෆෝ සටහන: නදීෂාන් මීඩින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *