ලංකාවේ දිනකට දික්කසාද 300 යි /වසරකට ලක්ෂයයි

දිනක් තුල ලංකාවේ විවාහක පවුල් 300ක් පමණ දික්කසාද වන බව සංඛ්‍යාලේඛන අනුව අනාවරණ වන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
ඇය මේ බව පැවසූවේල සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති ජීවත් වීමේ කලාව නම් වැඩසටහනේදී අදහස් දක්වමින්.
ඒ අනුව වසරක් තුල මෙරට සාමාන්‍ය දික්කසාද ප්‍රමාණය එක්ලක්ෂ 10 දහසකට ආසන්නයි.
මේ ඒ පිළිබද අදහස් දැක්වූ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය

“ශ්‍රී ලංකාවේ විවාහක පවුල් වෙන්වීමේ ප්‍රවණතාව දිනෙන් දින වැඩි වෙනවා. දැන් මෙය දිනකට 300ක් පමණ ප්‍රමාණයක් බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරනවා. ලංකාව වැනි කුඩා රටකට මෙය ඉතා විශාල අගයක්. මෙයට බොහෝ හේතු බලපානවා.

ප්‍රධාන හේතුව ලෙස සොයාගෙන ඇත්තේ සම වයස් සහ අඩු වයස් විවාහ බහුලව සිදුවීම. අඩු වයසින් විවාහ වුණාම ජීවිත අත්දැකීම් අඩුයි. මේ වයස්වලදී ක්ෂණික තීරණ ගන්න බොහෝවිට පෙළඹෙනවා. හදිසි කෝපයට පත්වෙනවා. හදිසි තීරණ අරගෙන වෙන් වෙනවා”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial