ලංකාවේ ලස්සනම සර්පයෙක් කුරුවිටින් හමුවෙලා

ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සර්පයින් අතරින් ඉතාම ලස්සන මෙන් ම දුර්ලභම සර්පයා වන මල්සරා හෙවත් පොල්මල් කරවලෙකු පසුගියදා කුරුවිට තෙප්පනාව ප‍්‍රදේශයෙන් හමුවූ බව දෙහිවල සත්ව උද්යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා සදහන් කරනවා.

ඉතා අඩු විසක් ඇති මෙම සර්පයා දුටු විගස මරා දැමීමට බොහෝ දෙනෙක් පෙළඹෙන බව පවසන නිහාල් සෙනරත් මහතා ‘මල්සරා’ හොවත් පොල්මල් කරවලා’ මරා නොදමන ලෙසයි ඉල්ලීමක් කළේ. .

මල්සරා වැඩිපුරම ජීවත් වන්නේ ගස්වලය. කලබල වූ විට ඉතා කඩිසරව ගස්වලට මාරුවීම මල්රාගේ සිරිත බව සෙනරත් මහතා පවසයි. රතු පැහැයෙන් යුතු මල් සලකුණු ද තැඹිලිපාට හා කලූ කුඩා කොටු වැනි සලකුණු ද පිටදිගේ දක්නට ලැබේ. බඩපැත්ත ලා කොළ සහ ලා කහ පැහැයට හුරුය.

Image result for පොල් මල් කරවලා