ලංකාවේ විදෙස් සංචිතවල වාර්තාගත වර්ධනයක්

ශ්‍රී ලංකාවේ නිල විදෙස්  සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.2 ක්‌ දක්‌වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණ කරනවා.
ඒ ඉකුත් ජූනි මාසය අවසන් වන කාලසීමාව තුලයි.
2017 වසර අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක් ලෙස සටහන් වුණා.
ජාත්‍යන්තර ස්‌වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව නිකුත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්‌තීරණ ණය පහසුකම යටතේ පස්‌ වැනි වාරිකය හිමිවීම හම්බන්තොට වරාය ආයෝජකයන් වෙත පැවරීමෙන් ලද ලැබීම් සහ 2018 වසරේ මුල් කාලයේදී මහ බැංකුව දේශීය වෙළෙඳපොළ වෙතින් විදේශ විනිමය මිලදී ගැනීම යනාදිය විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යැමට හේතු වූ හේතුවූ බවයි මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ දැක්වෙන්නේ.