You are here
Home > ක්‍රීඩා-පුවත් > ලංකාවේ සහාය මැද නිදහස් කුසලානය ඉන්දියාවට

ලංකාවේ සහාය මැද නිදහස් කුසලානය ඉන්දියාවට

2018 නිදහස් කුසලානය ජය ගැනීමට ඉන්දියාව සමත්වුණා.
ඒ තරගයේ අවසන් පන්දුවේදී දිනේෂ් කාර්තික් එල්ල කළ විශිෂ්ට හයේ පහරක් සමගයි. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය න්දුවාර 20 තුල කඩුලු 8කට ලකුණු 166 ක් ලබාගත්තා.
සබීර් රහමාන් ලකුණු 77 යි.
මහමුදුල්ලා ලකුණු 21ක් ලබාගත්තා.
යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 18ට කඩුලු 3යි.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවේ පන්දුවාර 18 ක් නිමාවන විට තරගයේ ජයග්‍රහණය බංග්ලාදේශය දෙසට යොමුවෙමින් පැවතුණා.
ඒ අනුව අවසන් පන්දුවාර 2කදී රැස් කළ යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 25ක්.
මෙම අවස්ථාවේ පිටියට පිවිසි දිනේෂ් කාර්තික් පලමු පන්දු 3න් ලකුණු 16 ක් ලබාගත් අතර ඔහු තරගය ජයග්‍රහණය ආසන්නයටම රැගෙන ගියා. තරගයේ අවසන් පන්දුවේදී ඉන්දියාව ලකුණු 5ක් රැස් කළ යුතු වුවද දිනේෂ් කාර්තික් එය නිමා කළේ විශිෂ්ට හයේ පහරකිනුයි.ඔහු පන්දු 6කදී නොදැවී ලකුණු 29 ක් ලබාගත්තා.
තරගයේ වීරයා දිනේෂ් කාර්තික්.
තරගාවලියේ වීරයා වොෂින්ටන් සුන්දර්.
මෙම තරගයේදී ඉන්දීය පිලට ලාංකීය ක්‍රීඩා ලෝලීන් දැවැන්ත සහායක් ලබාදුන් අතකර බොහෝ ලාංකිකයින් ක්‍රීඩා පිටියට පිවිස සිටියේ ඉන්දීය ධජ සහිතවයි.
එමෙන්ම ඔවුන් ඉන්දියා යනුවෙන් හඩනගමින් දැක්වූ සහාය පිළිබද තරගයෙන් පසු අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා සිය ගෞරවය පල කළා.
මෙම පරාජයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින් පිටියේ හඩා වැටෙන අයුරුයි දැක ගැනීමට ලැබුණේ.

Top