You are here
Home > ආසන්න-පුවත් > ලංකාවේ ඇනකොන්ඩා ඉන්දියාවට යයි

ලංකාවේ ඇනකොන්ඩා ඉන්දියාවට යයි

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූර් හි පිහිටි ශ්‍රී චාමරජෙන්ද්‍ර සත්වෝද්‍යානයට ශ්‍රී ලංකා විසින් ඇනකොන්ඩා යුවලක් පිරිනමා තිබෙනවා. ඒ සත්ව හුවමාරු වැඩසටහන යටතේයි.
 ඒ අනුව අවුරුදු 04ක් වයසැති මෙම ඇනකොන්ඩා යුවලේ පිරිමි සත්වයා අඩි 06ක් පමණ දිග වන අතර ගැහැණු සත්වයා අඩි 08ක් පමණ දිගින් යුක්ත වන බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.
 චාමරජෙන්ද්‍ර සත්වෝද්‍යානයේ විධායක අධ්‍යක්‍ෂ සී රවිෂංකර් පවසා ඇත්තේ කෙම්පෙගවුඩා අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී මෙම සතුන් භාරගෙන පසුවන ඔවුන් මයිසූර් දක්වා මාර්ගයෙන් රැගෙන ආ බවයි.
මේ වෙනුවෙන් ඉන්දීයාවෙන් මුවන් කිහිපදෙනකු මෙරටට ලබාදීමට නියමිතයි.
Top