You are here
Home > ප්‍රධාන-පුවත් > ලංකාවේ වසරකට උපත් 35,500 / ගබ්සා 36,500

ලංකාවේ වසරකට උපත් 35,500 / ගබ්සා 36,500

ශ්‍රී ලංකාවේ දිනකට පමණක් සාපරාධි ගබ්සා 1000 ක් මෙරට සිදු කරන බව වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්ලේ මහතා පවසනවා.ඔහු මෙම අදහස් පළ කළේ බොරැල්ල කරිටාස් ශ්‍රී ලංකා ආයතනයේ දී කතෝලික සභාව විසින් පැවැත් වු කතිකාවකට සහභාගී වෙමින්.

යම් අයෙකු ඉපදෙන්නත් කළින්ම මරා දැමීම අපරාධයක් ලෙසයි සැලකෙන්නේ. ඇතැම් විට කළලයේ දෝෂ නිසා ගබ්සා කිරීම් සිදු වෙනවා. එමෙන්ම නීති විරෝධී ආකාරයෙන් ද ගබ්සා කිරීම් සිදු වෙනවා. බස් නැවතුම්පළවලවල කාමර අසලත් වෙනත් ස්ථානවලත් ගබ්සා කිරීම් සිදු වෙනවා. සුදුසුකම් සහිත දොස්තරවරු වගේම රහිත අයත් මේ කටයුතුවල නියැළෙනවා. කතෝලික වෛද්‍යවරුත් මේ අතරේ ඉන්නවා. එවැනි දොස්තරවරු 40000 ක් පමණ රටේ ඉන්නවා. ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල්වලත් මේ දේවල් වෙනවා. රජයේ රෝහල්වලත් ගබ්සා කිරීම් සිදු වෙනවා. මෙහිදී භාවිතා කරන උපකරණ නිසා විවිධ ආසාදන සිදු වෙනවා. වෛද්‍ය හේතු මත ගබ්සා කළත් බහුතරයක් සිදු වන්නේ අනාරක්ෂිත ක්‍රම යටතේයි. රජයේ ලියාපදිංචි නොකර ලංකාවට ගෙන්වන ඖෂධ වර්ග මේ සඳහා භාවිත කරනවා.

ගබ්සා කිරීම් හේතුවෙන් මාතෘ මරණ සියයට 11 ක් සිදු වෙනවා. මාතෘ මරණවලට තුන් වැනි හේතුව ලෙස ගැනෙන්නේ ගබ්සා කිරීමයි. වසරකට ලෝකයේ මිලියන 219 ක් ගර්භනී තත්ත්වයට පත් වෙනවා. එයින් මිලියන 19 ක් ගබ්සා කරනවා. මේ ගබ්සාවන් නිසා මිලියන 68000 ක් මරණයට පත් වෙනවා. සියයට 5.3 ක පිරිසක් පුර්ණ හා තාවකාලික අබාධවලට ගොදුරු වෙනවා. මෙයින් භෞතික හා මානසික සංකූලතා ඇති කරනවා. රුධිර වහනය වැඩි වෙලා මරණයට පත් වෙනවා. ගර්භාෂයේ ආසාදන ඇති කරනවා. නැවත ගර්භනී තත්ත්වයට පත් වීමේදී ගබ්සා වෙන්න ඉඩ කඩ තිබෙනවා. අපි අම්මා නැති දරුවාත් දරුවා නැති අම්මාත් ආරක්ෂා කර ගත යුතුයි. පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. පවුල් සැලසුම් ක්‍රම ගැන තරුණ පරපුර දැන්වත් කළ යුතුයි.

නමුත් ගබ්සාව නීති විරෝධී දෙයක්. මේකට විරුද්ධව සියලු දෙනා නැඟී සිටිය යුතු වෙනවා.

Top