Press "Enter" to skip to content

ලංකාව අපට වඩා ජපානයට ණයයි – චීනයෙන් අනාවරණයක්


ශ්‍රී ලංකාවේ ණය හා චීනය සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා පදනම් විරහිත බව දක්වමින් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තාවක් පල කර තිඛෙනවා.
එහි දැක්වෙන්නේ ලංකාව ඇතුලු චීනයේ නව සේද මාවත ව්‍යාපෘතියට අයත් රටවල් ණය උගුලකට හසුකරගන්නා බවට චීනයට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.
ලංකාවේ ණය අර්බුධය චීනයේ මැදිහත්වීමෙන් සිදුවූවක් නොව ලංකාව චීනයට වඩා ජපානයට ණය බවද එහි දැක්වෙනවා.
ලංකාව මේ වන විට චීනයට ඩොලර් බිලියන 2.87 ක මුදලක් ණයගැති බවයි එහි සදහන් වන්නේ.
එය ලංකාවේ සමස්ථ ණයෙන් සියයට 10ක් වන අතර ජපානයට ලංකාව ඩොලර් බිලියන 3කට අධික ණය මුදලක් ගෙවිය යුතුව තිඛෙනවා.
ලංකාවේ හම්බන්තොට වරාය ඉදිකිරීමේ මුල් අවස්ථාව චීනයට හිමි නොවූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපවීමෙන් පසු චීනය විසින් එය භාරගත් බවද මෙම වාර්තාවේ දැක්වෙනවා.
ඒ අනුව චීනය විසින් ලංකාව ණය උගුලකට හසු කරගත් බවට විදෙස් මාධ්‍ය එල්ල කරන චෝදනා අසත්‍ය වන බවයි චීනය අවධාරණය කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න