You are here
Home > ක්‍රීඩා-පුවත් > ලංකාව පකිස්තානය පරදවයි / රංගන කඩුලු 400යි

ලංකාව පකිස්තානය පරදවයි / රංගන කඩුලු 400යි

පකිස්තානයට එරෙහිව ඩුබායි හීදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කන්ඩායම ලකුණු 21ක විශිෂ්ට ජයක් හිමිකර ගත්තා. ඒ පකිස්ථානය දෙවන ඉනම ලකුණු 114කට සීමා කරමින්. දෙවන ඉනිමේදීත් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ රංගන හේරත් ලකුණු 43කට කඩුලු 6යි. මේ අතර තම ටෙස්ට් දිවියේ 400වන ටෙස්ට් කඩුල්ලද දවාගත් රංගන හේරත් පකිස්ථානයට එරෙහිව පමණක් ටෙස්ට් කඩුලු 100ක් දවාගත් පන්දු යවන්නකු බවටද පත්වුණා. ඒ අනුව සමස්ථ තරගයේදී හේරත් විසින් දවාගත් කඩුලු ගණන 11ක්.මේ සමග ඔහු ටෙස්ට් කඩුලු 400ක් දවාගත් ලොව පලමු වමත් දග පන්දු යවන්නා බවටද පත්වුණා. තරගයේ ශ්‍රී ලංකා පලමු ඉනිම ලකුණු 419 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 155 ක් නොදැවී රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 93 යි.
පකිස්තානය පලමු ඉනිමට ලකුණු 422 ක් ලබාගත්තා.අසාර් අලි ලකුණු 85 යි. ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ලකුණු 138 කට සීමාවුණා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 40යි. ලකුණු 114කට සීමාවු පකිස්ථාන දෙවන ඉනමේ වැඩිම ලකුණු ලාභියාවූ හැරිස් සොහේල් ලකුණු 34 යි. තරගයේ වීරාය සම්මානය හිමිකරගත්තේ කඩුලු 11ක් දවාගත් රංගන හේරත්. ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ඩුබායි හීදි ලබන 6 වනදා ආරම්භවීමට නියමිතයි.

Top