ලංකාව ළගින් තවත් සුළි කුණාටුවක් /ගමන් මග මෙතනින් බලන්න

මේ වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ඔස්ටේ්‍රලියානු සාගර කලාපයේ පවතින සුළි කුණාටුව ඉදිරි දින කිහිපය තුල ඉන්දියාවේ ගිනිකොන දිග ප්‍රදේශයට ඇතුලු වන බව ඉන්දීය කාලගුණ අංශ පවසනවා.
ඒ අනුව මෙරටට සුළි කුණාටුවෙන් සෘෘජු බලපෑම් එල්ල නොවුණද උතුරු නැගෙනහාර පළාත්වලට තද සුළං හා දිවයින පුරා තවදුරටත් වැසි ඇති වන බවයි එම අනාවැකියේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් මෙම සුළි කුණාටුවේ ගමන් මාර්ගය වෙනස් විය හැකි බැවින් ඒ පිළිබද නිරන්තර අවධානයෙන් පසුවන බවයි මේ වන විට නිවේදනය කර ඇත්තේ.