ලංකා ඊ නිවුස් බ්ලොක් කළාද ? කාගේ උවමනාවටද ?

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අද සිට ශ්‍රී ලංකාව තුළදී අන්තර්ජාලය පරිහරණය කරන්නන්ට පිවිසිය නොහැකි අයුරින් අවහිර කර ඇති බව වාර්තාවනවා.

මීට පෙර පසුගිය රජය යටතේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තහනම් කෙරුණු අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එය යළි ශ්‍රී ලංකාවේ දී නැරඹීමට හැකි පරිදි අදාළ වාරණය ඉවත් කළද මේ දක්වා අද දිනයේදී එම වෙබ් අඩවිය මෙරටදී දැක ගැනීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී.ජයතිලක මහතා පැවසුවේ  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සම්බන්ධයෙන් එවැනි වාරණයක් ක්‍රියාත්මක කර නොමැති බවයි.
එහෙත් ලංකා ඊ නිවුස් වාර්තා පවසන්නේ මෙරට අන්තර්ජාල සමාගම් වෙත තම වෙබ් අඩවිය අවහිර කරන්නැයි බලවත් දේශපාලන හස්තයක් විසින් නියෝග කර ඇති බවයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන සමයේද තහනමට ලක්වූ වෙබ් අඩවියක් ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය හදුන්වාදී තිඛෙනවා.

ඊ නිවුස් වෙබ් අඩවියේ භාෂා භාවිතය හා ඇතැම් ඉදිරිපත් කිරීම් මාධ්‍ය සදාචාරයට අනුකූල යයි අපද විශ්වාස නොකළද මෙසේ වෙබ් අඩවි තහනම් කිරීමට යම් අයකු පියවර ගෙන ඇත්නම් එය නිවට ක්‍රියාවක් ලෙසයි හැදින්විය හැකිවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *