ලසන්ත ඝාතනයේ සාක්ෂි සැගවූ පොලිස් ලොක්කෝ යළි රිමාන්ඩ්

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින බස්නාහිර පළාත දකුණ භාරව සිටි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා හා ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල මහතා මැයි 25 වනදා තෙක් අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ සිද්ධියට අදාළ නඩු විභාගය අද යළි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා ඉදිරියේ කැදවූ අවස්ථාවේදීයි.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22