ලසන්ත ඝාතනය ගැන පැය 3ක හෙළිදරව්වක් කරලා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවේ පසුවන ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා ඉදිරියේ සිද්ධිය සම්බන්ධයෙන් රහසිගත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.මහේස්ත්‍රාත් නිල මැදිරියේදී මෙම ප්‍රකාශය සිදුකර ඇති ඇති අතර එය ස්වේච්ජා ප්‍රකාශයක් බවයි ඔහු සදහන් කර ඇත්තේ.
පැය 3 කට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය ලබාදී තිබුණා.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන පරීක්ෂණවලට අදාළ ලිපි ගොණුවල පිටු කිහිපයක් ඉවත් කර ඇත්තේ ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම යටතේ බවට රහස් පොලිසිය පසුගියදා අධිකරණය හමුවේ අනාවරණ කළා.
මෙම රහසිගත ප්‍රකාශය සමග ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ රහස් ලෝකයට අනාවරණ වනු ඇති බවයි සදහන් වන්නේ.