You are here
Home > ආසන්න-පුවත් > ලසන්ත ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස් ලොක්කෙක් කොටුවෙයි

ලසන්ත ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස් ලොක්කෙක් කොටුවෙයි

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා යටතේයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකළ විමර්ෂණ අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුවූ කාලයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පතිවරයා ලෙස ප්‍රසන්න නානායක්කාර මහතා කටයුතු කර තිබූණා.

Top