ලසන්ත වික්‍රමතුංග ඝාතනයවී අදට වසර 9 යි

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආරම්භක කර්තෘ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට වසර 9ක් සපිරෙනවා.

වික්‍රමතුංග මහතා රත්මලානේ සිය කාර්යාලය වෙත සිය වාහනයෙන් ගමන් ගනිද්දී අත්තිඩිය පාරේදී ඝාතනයට ලක්වුණේ 2009 වසරේදීයි.

එම ඝාතනයේ පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය මගින් යළි 2015 වසරේදී ආරම්භ කරනු ලැබුවා. ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන්ද, නෑ හිත මිතුරන්ද අද පෙරවරු 9 ට බොරැල්ල කනත්තේදී ඒ මහතාගේ සොහොන් බිම වෙත පැමිණ සිය ගරු බුහුමන් දැක්වීමට නියමිතයි.
මේ සදහා මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ද එක්වන බවයි ප්‍රකාශ වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *