You are here
Home > ආසන්න-පුවත් > ලාංකිකයින් 131ක් මැලේසියාවේදී අත්අඩංගුවට

ලාංකිකයින් 131ක් මැලේසියාවේදී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ඔස්ටේ්‍රලියාව බලා ගමන් කිරීමේ සූදානමින් පසුවූ ලාංකිකයින් 131 දෙනකු ඇතුලත් යාත්‍රාවක් මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මැලේසියානු මාධ්‍ය වාර්තා කළේ මේ අතරට පිරිමි 98ක් කාන්තාවන් 24 ක් හා දරුවන් 9 දෙනකු වන බවයි.
එරට දකුණුදිග ජොහාර් ප්‍රාන්තයේදී මෙම යාත්‍රාව පරීක්ෂා කළ අවස්ථාවේදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙහිදී ලාංකිකයින් 131 දෙනාගෙන් 127 දෙනකුට එරෙහිව එරටට නීති විරෝධීව ඇතුලුවීමේ චෝදනා මත නඩු පැවරීමට නියමිතයි. අනෙක් ලාංකිකයින් 4 දෙනා සංක්‍රමණික ජාවාරමට සම්බන්ධ බව හෙළිව ඇති අතර ඔවුන් හා මැලේසියානු ජාතිකයින් දෙනකුට එරෙහිව මිනිස් ජාවාරම සම්බන්ධයෙන් නීතිමය පියවර අනුගමනය කිරීමට නියමිතයි.
මෙම මිනිස් ජාවාරම පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කෙරෙමින් පැවැති බවයි මෙතෙක් සිදුකළ විමර්ෂණවලදී හෙළිව ඇත්තේ.

Top