ලාල් කාන්ත රිමාන්ඩ්


රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි නියෝගය නිකුත් කෙරුණේ.

අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ අංක 81 ගම්මාන තුන කටියාව පාර එප්පාවල ලිපිනයේ පදිංචි කේ.ඒ. නිලන්ති රූපිකා (45) යන අය හා ඇගේ ඥාති දියණියක් වන කැලේ අමුණුකොළේ එප්පාවල ලිපිනයේ පදිංචි ආර්.ඒ. තිළිණි හංසිකා (14) යන බාල වයස්කාරියයි.

කැබ් රථය අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිටදී වෙනත් රථයකට ඉස්සර කිරීමට යෑමේදී අනුරාධපුර දෙකේ කණුව දෙස සිට අනුරාධපුරය නගරය දෙසට පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ පාදවල අස්ථිවලට බරපතළ හානි සිදුවී තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.