ලාස් වේගාස් ප්‍රහාරයේ මරණ 59 යි / තුවාලකරුවන් 527 යි

ලාස් වේගාස් හීදී විවෘත වෙඩි තැබීමක් සිදුකර 59 දෙනකු ඝාතනය කළ තැනැත්තා උමතු මානසික රෝගියකු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා පවසන්නේ ඉදිරියේදී මෙවන් තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොදිය යුතු බවයි.
ලාස් වේගාස් හී පැවැති සංගීත ප්‍රසංගයක් මුල් කර ගනිමින් ප්‍රහාරය එල්ල වුණා.
එහිදී තුවාල ලැබූ ගණන 527 ක්. ප්‍රහාරකයා 64 වන වියේ පසුවන අතර ප්‍රහාරයට හේතුවක් හෙලිව නැහැ.
ඝාතකයාගේ නිවසේ තිබී ගිනි අවි 23ක් සොයා ගෙන තිබුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial