ලැබූ නව වසරට නියෝජ්‍ය ඇමති අලවතුවලගෙන් සුබපැතුම්

උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමස්ථ ලංකාවාසී ජනතාවට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි සුබ පැතුම් පල කරන බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ විදෙස්ගතව සිටින සියලු ලාංකිකයින්ටද සුබ නව වසරක් වේවායි තමන් ප්‍රාර්ථනා කරන බවයි.
පසුගිය සමයේ විවිධ කුමන්ත්‍රණවලට මුහුණ දෙමින් සාර්ථකව ජය ලැබූ රජය ඉදිරියේදී නියමිත ඉලක්ක සම්පූර්ණ කරමින් රටට සුබවාදී අනාගතයක් උදා කිරීමට කැපව සිටින බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
බාධා මැද වුවද එම ඉලක්ක ජය ගැනීමට රජය දරන උත්සාහයට සහාය ලබාදෙන සියලු පාර්ශවයන්ටද සිය ස්තූතිය පල කරන බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කරන්නේ.
ඒ වෙනුවෙන් දිරිය දෙන සමස්ථ ලාංකීය ජනතාවටත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා කැපවන විදෙස්ගත ලාංකීය ප්‍රජාවටත් සියලු පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවායි එමගින් ප්‍රාර්ථනා කර තිබෙනවා.