ලෙනෙන් ඛේරුණු දරුවන් මියගිය වීරයා වෙනුවෙන් හඩයි

තායිලන්තයේ ලෙනක් තුල දින 18 ක් සිරව සිට දිවි ඛේරාගත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඔවුන් ඛේරා ගැනීමේ මෙහෙයුමේදී මරණයට පත්වූ නාවික කිමිදුම්කරු සමන් ගුණාන් සිහිකිරීමට එක්ව තිඛෙනවා.
ඒ අනුව අද දිනයේදී ඔවුන් සියලු දෙනා කිමිදුම්කරුගේ ජායාරූපයකට ගෞරව දැක්වූ බවයි බි බී සී පුවත් සේවය වාර්තා කළේ.
එහිදී දරුවන් සියලු දෙනා තමන් වෙනුවෙන් දිවි පිදූ වීරයා වෙනුවෙන් කදුලු සලමින් ශෝකය පල කළ බවයි වාර්තාවන්නේ.
ලෙනේ සිරව සිටි දරුවන්ට අවශ්‍ය ඔක්සිජන් සපයා යළි එමින් සිටියදී සිය ඔක්සිජන් නිමාවීමෙන් සමන් ගුණාන් මියගොස් තිබුණේ ලෙනේ ගැඹුරු කලාපයකදීයි.
ඔහු තායිලන්ත නාවික හමුදාවේ හිටපු කිමිදුම්කරුවකු වූ අතර ඔහු මෙම මෙහෙයුමට ස්වේච්ජාවෙන්ම එක්ව තිබුණා.
අද වන විට ලෝකයම ඔහු වීරයකු ලෙසයි පිළිගනු ලබන්නේ.