ලෙබනනයේ සිටි ලක් කතුන් 53ක් යළි ගෙන්වා ගනී

නීති විරෝධීව ලෙබනනයේ රැදී සිටි ලාංකික ගෘහ සේවිකාවන් 53 දෙනකු අද යළි දිවයිනට ගෙන්වා ගැණුනා.
ඒ එරට රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය යටතේයි.
ඔවුන්ගේ වීසා බලපත්‍ර කාලය අවසන්වූ පසුව නීති විරෝධීව රැදී සිටි මෙම ලාංකීය ගෘහ සේවිකාවන් පිරිසට මෙරටට පැමිණීම සදහා ලෙබනනයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාතයංශය දායකත්වය දක්වා තිබෙනවා.
ඔවුන් අනුරාධපුරය/ හලාවත /මීගමුව /මාතර /ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක පදිංචිකරුවන් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.