You are here
Home > ආසන්න-පුවත් > ලේඩි නෙවස්කා තෙල් නැව කොළඹ වරායට / ඉන්ධන ඛෙදීම පස්වරුවේ

ලේඩි නෙවස්කා තෙල් නැව කොළඹ වරායට / ඉන්ධන ඛෙදීම පස්වරුවේ

ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 40,000ක් රැගත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් ලේඩි නෙවස්කා ඉන්ධන නෞකාව මේ වන විට කොළඹ වරාය අසල නැංගුරම් ලා තිඛෙනවා.
නෞකාවේ ඉන්ධන ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා මේ වන විටත් නිලධාරීන් එහි ගොස් සිටින අතර එය සුදුසු තත්ත්වයේ ඇත්නම් නෞකාවෙන් රැගෙන එන ඉන්ධන මුතුරාජවෙල බෝයාව මගින් පොම්ප කිරීමට නියමිතයි.
ඒ අනුව අද දහවල් 02 න් පසු දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරිමේ කටයුතු සදහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ.
බොහෝ විට හෙට පස්වරුව වන විට දිවයින පුරා ඉන්ධන ඛෙදා හැරීමේ කටයුතු ක්‍රමවත් වනු ඇති බවද එම වාර්තා සදහන් කළා.

Top