You are here
Home > ගොසිප් > ලොවම බලා සිටියදී හැරී මේගන් විවාහ වෙයි

ලොවම බලා සිටියදී හැරී මේගන් විවාහ වෙයි

මහා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර විවාහය අද සිදුකෙරුණා.

ඒ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානත්වයෙන් .මෙගන් මාකල්ගේ පාර්ශවයෙන් උත්සවයට සහභාගීව සිටියේ ඇයගේ මව, ඩොරියා රග්ලන්ඩ් (Doria Ragland), පමණයි.

මෙම මංගල උත්සවය සදහා බ්‍රිතාන්‍යවාසීන් අතරින් තෝරාගන්නා ලද තවත් 1200 ක පිරිසක් වින්ඩ්සර් මාලිගය පරිශ්‍රයට ආරාධනා ලැබ සිටි අතර ඔවුන්ට එම ආරාධනාව ලැබී තිබුණේ ඔවුන්ගේ සමාජ සේවා කටයුතු වෙනුවෙනි.

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙගන් මාකල් ගේ පියා මේ සදහා එක්ව නොසිටි අතර මෙගන් මාකල් හැරී කුමරු වෙත කැඳවා යනු ලැබුවේ චාල්ස් කුමරු විසිනි.

ඉන් අනතුරුව පැවති ආශීර්වාද මෙහෙයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නව යුවලක් ලෙසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ එංගලන්ත සභාවේ ප්‍රධානී, කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි විසිනි.

මංගල උත්සවය අතරවාරයේ අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකානු පූජකවරයෙකු වන මයිකල් කරි (Michael Curry) රදගුරුවරයා පැවැත්වූ අනුශාසනය සමාජ ජාල ඔස්සේ ප්‍රබල ප්‍රසාදයකට ලක්වුණා.

ප්‍රේමයේ ශක්තිය පිළිබඳ පැහැදීමක් කළ රදගුරුවරයා, ප්‍රේමය රජ කරන විට “ලෝකය ක්ෂේම භූමියක්” වනු ඇති බව කියා සිටියා.

ඩයනා කුමරියගේ සොහොයුරිය වන ජේන් ෆෙලෝස් ආර්යාව විසින් නව යුවලට ආශීර්වාද කරමින් දේශනයක් පවත්වනු ලැබුවා.

විවාහයත් සමගම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට සසේක්ස්හි ආදිපාදවරයා (Duke of Sussex) පදවිය පිරිනමා තිබෙනවා. ඒ අනුව විවාහවීමෙන් අනතුරුව මෙගන් මාකල් සසෙක්ස් හි ආදිපාදවරිය බවට පත්වුණා.

සසේක්ස්හි ආදිපාද පදවිය මීට ඉහතදී දරනු ලැබුවේ ඔගස්ටස් ෆ්‍රෙඩ්රික් කුමරු (Prince Augustus Frederick) විසිනි. ඔහු තුන් වෙනි ජෝර්ජ් රජතුමාගේ (George III) හයවෙනි පුත් කුමරු සහ නවවෙනි දරුවායි.

එමෙන්ම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට (Prince Harry) ඩම්බටන්හි අර්ල්වරයා (Earl of Dumbarton) සහ කිල්කීල්හි බැරන්වරයා (Baron Kilkeel) පදවි ද පිරිනමා තිබෙනවා.

 

Top