ලොව ගැඹුරුම විලේ නොදන්නා කතාව

බයිකාල් විල පිහිටා ඇත්තේ රුසියාව හා මොන්ගෝලියාව අතර සයිබීරියානු ෙද්‍රdaණි ප්‍රදේශයේය. මෙහි ජල ධාරිතාව වර්ග කිලෝමීටර් 560,000 ක්‌ පුරා පැතිරී ඇත. බයිකාල් විලේ දිග කිලෝමීටර් 636 වන අතර එහි පළල කිලෝමීටර් 79 කි. මෙම විලේ උපරිම ගැඹුර මීටර් 1642 වන අතර අඩුම ගැඹුර මීටර් 744.5 කි. බයිකාල් යන්නෙහි රුසියන් අර්ථය “ඉසුරුමත් විල” යන්නයි. බයිකාල් විල අවට පරිසරයේ වාතය ඉතාම පිරිසිදු යෑයි සලකන බැවින් එමගින් මිනිස්‌ ජීවිතවලට ලැබෙන ඉසුරුමත් බව සලකා විලට මෙම නම තැබූ බව ප්‍රකටය. බයිකාල් විල හඳුන්වන අන්වර්ථ නාමය වන්නේ “සයිබීරියාවේ නිල් ඇස” යන්නයි. බයිකාල් විලේ ඇති විශේෂත්වයන් හතරකි.

1. ලෝකයේ විශාලතම මිරිදිය ජලය සහිත විල

2. ලෝකයේ ගැඹුරුම විල

3. ලෝකයේ පිරිසිදුම ජලය ඇති විල

4. ලෝකයේ පැරැණිතම විල

* පැළෑටි හා ජීවීන්ට තෝතැන්නක්‌

බයිකාල් විල සම්බන්ධ අතීත පුරාවෘත්ත අනුව මෙම විල අසමාන හැඩයෙන් යුක්‌තය. ලොව විශාලම මෙන්ම පැරැණිම විලද ලෙස සැලකෙන බයිකාල් විල අවට ප්‍රදේශයේ පැළෑටි විශේෂ 1700 ක්‌ පමණ ඇති බවට ගණන් බලා තිබේ. වසර මිලියන 25-30 අතර කාලයක්‌ මේ විල පැරැණි බවට විශ්වාස කෙරේ. බයිකාල් විල අවට හා විල් ජලයේ ජීවීන් විශේෂ 1550 ක්‌ පමණ ජීවත් වන අතර බයිකාල් විලේ පවතින පිරිසිදු ජලය මිරිදිය මසුන්ට ජීවත් වීමට සුදුසු ඉතාම යහපත් පරිසරයක්‌ සලසා දී ඇත.

* මිරිදිය මසුන් බහුලයි

විල අවට මිරිදිය ධීවර කර්මාන්තය ඉතාම සරු ව්‍යාපාරයකි. සැමන් මත්ස්‍ය විශේෂ විල තුළ බහුල වීම ඊට හේතුවයි. මේ හැරුණු විට ආලෝකය විනිවිදින තවත් මත්ස්‍ය විශේෂයන් බයිකාල් විලේ මීටර් 200 – 400 ත් අතර ගැඹුරු ජලයේ ජීවත් වේ. ආහාර පිණිස මෙම මසුන්ටද විශාල ඉල්ලුමක්‌ පවතී.

* හිම ක්‍රීඩාවන්ට පාරාදීසයක්‌ වූ ලෝක උරුමය

world1යුනෙස්‌කෝ සංවිධානය විසින් “ලෝක උරුමයක්‌” ලෙසින් නම් කර ඇති බයිකාල් විල ආශ්‍රිතව සංචාරක කර්මාන්තයද ඉතාම ඉහළ මට්‌ටමකින් සිදු කෙරේ. ශීත සෘතුවේදී සංචාරකයන් සඳහා හිම මත ලිස්‌සා යන හා හිම මත ඇදී යන මෙවලම් හා වාහන සැපයීමෙන් ලබන ආදායම් ඉහළය. හිම සපත්තු පැලඳගෙන හිම මත ඇවිදීමට පැමිණෙන සංචාරකයාගේ සිට හිම ක්‍රීඩා කරන සංචාරකයන් දක්‌වා දහස්‌ ගණන් සංචාරකයන්ගෙන් පිරී යන ශීත සෘතුව විල අවට මවන්නේ අතිශය සුන්දර දර්ශන හා මිනිස්‌ හමුවීම්ය. එහෙත් බයිකාල් විල අවට ප්‍රදේශයට ගී්‍රස්‌ම සෘතුවේ බලපෑම දැඩිව එල්ල වන සෑම වසරකම ජුනි 15 සිට අගෝස්‌තු 15 දක්‌වා කාලය සංචාරක කර්මාන්තයේ උපරිම තලයේ දියුණුවක්‌ පෙන්වන සමයයි. ශීත සෘතුවටත් වඩා අවට ප්‍රදේශය එකම උත්සවශ්‍රීයක්‌ ගන්නේ මේ කාලය තුළය. අගෝස්‌තු මාසයේ අවසානයත් සමඟ එළැඹෙන මෝසම් වර්ෂාපතනය විල් අවට ප්‍රදේශය නැවතත් සුන්දර කරන්නේ සෞම්‍ය දේශගුණයක්‌ ඒ ප්‍රදේශයට කැඳවා ගනිමිනි. මේ කාලයේ සංචාරකයන් වඩාත් ඇදී එන්නේ විල් ජලයේ පිහිනීමට හා ජල ක්‍රීඩා සඳහාය.

නොවැම්බර් මාසය අවසාන වෙත්ම ශීත සෘතුව යළි උදාවීම අප්‍රේල් 15 දක්‌වා උපරිම තලයකට ගෙන එයි. මේ කාලය තුළ අධික වර්ෂාවත්, අධික ශීතලත්, අධික හිම පතනයත් බයිකාල් විල් ප්‍රදේශය සංචාරකයන්ගෙන් තොර අඳුරු ප්‍රදේශයක්‌ බවට පත් කරයි.

* විල අවට මුල්ම පදිංචිකරුවන්

බයිකාල් විල අවට මුල්ම පදිංචිකරුවන් වශයෙන් සැලකෙන්නේ 9 වැනි ශත වර්ෂයේදී පමණ එහි පැමිණි මොන්ගෝaලියානු ජාතිකයන්ය. “එස්‌කිමෝවරු” මේ ප්‍රදේශයේ ජීවත් වූ බවට ඓතිහාසික සාධක පවතී. කෙසේ වෙතත් වර්තමාන බයිකාල් විල අවට වැසියන් මෙම මොන්ගෝලියානුවන්ගෙන් හා එස්‌කිමෝවරුන්ගෙන් සම්භවය වී පැවත එන ජන කොටසක්‌ බවට විශ්වාස කළ හැකිය. මොවුන්ගේ විශේෂත්වය වන්නේ බුදු දහම මෙන්ම කිතුනු දහමද ආගම් ලෙස ඇදහීමයි.

මෙම ප්‍රදේශයේ බුදු දහම ව්‍යාප්ත වීමට හේතු වී ඇත්තේ 17 වැනි සියවසේදී ඉන්දියාවේ ජීවත් වූ අශෝක අධිරාජයා විසින් බුදු දහම ව්‍යාප්ත කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එම දූත පිරිසක්‌ සයිබීරියා ප්‍රදේශයටද පැමිණීමයි. රුසියානුවන්ගේ අදහස අනුව ලොව ජීවත් වන කිසියම් පුද්ගලයකු විසින් ජීවිතයේ එකම වරක්‌ හෝ දැක බලා විඳ ගත යුතු සුන්දරත්වයක්‌ හා සුවදායී බවක්‌ බයිකාල් විල් අවට පිරිසිදු ජලය හා වාතය තුළ ගැබ්ව ඇත. බයිකාල් විල බැබළෙන්නේ රුසියානුවන්ගේ ආශීර්වාදය හා ප්‍රෙෘඪත්වය ලෝකය තුළ ඉහළින්ම රඳවමිනි.

රඹුක්‌කන කීර්ති එස්‌. කුමාර

world2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *