ලොව බුද්ධිමත්ම මිනිසා හෝකින් සමුගනියි

මෑත යුගයේ ලොව බුද්ධිමත්ම මිනිසා ලෙස නම් කර සිටින භෞතික විද්‍යාඥ බ්‍රිතාන්‍ය ජාතිකයෙක ස්ටීවන් හෝකින් එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙතෙක් ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව ලොව විස්මිත සොයාගැනීම් කිහිපයක් සිදු කළ ඔහු මිය යන විට 76 වෙනි වියේ පසුවුණා.

විසිවන සිවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ඇල්බට් අයින්ස්ටයින් නම් කොට තිබූ අතර හෝකින් විසි එක්වෙනි සියවසේ ලොව මහා ප්‍රාඥයා ලෙස ලෝක ඉතිහාසයට එක්වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරනවා.