ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා ක්‍රොඒෂියාවේ ලුකා මොඩ්රික්


2018 පාපන්දු ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා ලෙස ක්‍රොඒසියාවේ ලුකා මොඩ්රික් සම්මාන දිනාගත්තා.
මෙවර තරගාවලියේදී ක්‍රොඒෂියානු පිල මෙහෙයවමින් හා සුපිරි ක්‍රීඩා රටාවක් දක්වමින් ඔහු දැක්වූ දස්කම් අගයමින් මෙම සම්මානය පිරිනමා තිඛෙනවා.
ඔහුගේ විශේෂත්වය වන්නේ සරණාගතයකු ලෙස ක්‍රොඒෂියාවට පිවිස පසුව එරට පාපන්දු කණ්ඩායමේ නායකත්වයටද පත්වීමයි.
එසේම මුල්වරට පාපන්දු ලෝක කුසාලනයක අවසන් මහා තරගයට ක්‍රොඒෂියාව පිවිසුණේද මෙවර ඔහුගේ නායකත්වයෙන් යුතුව වුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.