ලෝක කුසලානයේ රන් සපත්තුව එංගලන්තයේ හැරී කේන්ට

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල ලාභියා මෙන්ම වටිනාම ක්‍රීඩකයාට හිමිවන ගෝල්ඩන් බූට් – රන් සපත්තුව සම්මානය එංගලන්ත කණ්ඩායමේ නායක හැරී කේන්ට හිමිවුණා.
ඒ ඔහු මෙවර තරගාවලියේදී ගෝල 6ක් ලබා ගැනීම හේතුවෙන්.
ප්‍රංශයේ කයිලන් බැප්පේ හා ඇන්ටෝනි ග්රේස්මෑන් ගෝල 4 බැගින් ලබාගත්තද ඔවුන්ට හැරී කේන් පසු කිරීමට හැකියාවක් හිමිවුණේ නැහැ.
ඒ අනුව එංගලන්තය මෙවර තරගාවලියේ 4 වන තැනට පත්වුවද වටිනාම ක්‍රීඩකයා සතුවන්නේද එංගලන්තයටයි.