ලෝක කුසලානයේ හොදම යොවුන් ක්‍රීඩකයා ප්‍රංශයේ බැප්පේ

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොදම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය ප්‍රංශයේ කයිලියන් බැප්පේට හිමිවුණා.
තවමත් 19 වන වියේ පසුවන ඔහු මෙවර තරගාවලියේ හමුවූ අනාගත බලාපොරොත්තුව ලෙසයි නම් කරනු ලබන්නේ.
ඔහු අවසන් මහා තරගයේදී එක් ගෝලයක්ද ඇතුලුව තරගාවලිය තුල ගෝල 4ක් රැස් කළා.