ලෝක කුසලාන පාපන්දු තරගාවලිය – දෙවන තරගයේ ජය උරුගුවේට


2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන තරගයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට උරුගුවේ කණ්ඩායම සමත්වුණා.
ඒ ඊජීප්තුව ගෝල 1ට 0ක් ලෙස පරාජයට පත් කරමින්.
තරගයේ 90 වන මිනිත්තුවේදීයි ජයග්‍රාහී ගෝලය වාර්තාවුණේ.
මෙය 1970 වසරෙන් පසු පාපන්දු ලෝක කුසලාන තරගාවලියකදී උරුගුවේ පිල ආරම්භක තරගය ජයගත් මුල් අවස්ථාවයි.
1970 වසරේ උරුගුවේ පිල ලෝක කුසලාන තරගාවලියේ මුල් තරගයේදී ඊශ්‍රායලය පරදවනු ලැබූ අතර ඉන් පසු තරගාවලි තුල පළමු තරගය පරාජයවී තිබුනා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.