ලෝක ගුරු දිනය අද / ගුරුවරු හා විදුහල්පතිවරු අද විරෝධයක

ලෝක ගුරු දිනය අද සැමරෙනවා.
මේ අතර ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳීමට රජයට බලකරමින් අද උද්ඝෝෂණයක් පැවැත්වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකතුව සැලසුම් කර තිඛෙනවා.

උසස්වීම් සකස් නොකිරීම/ විදුහල්පති දීමනාව 16/2017 චක්‍රලේඛයෙන් මාර්තු මස සිට වැඩි කළද මේ දක්වා ලබා නොදීම/ගුරුවරුන්ගෙන් පිරිසකට හිඟ වැටුප් නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අද දහවල් 2 ට කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය අසලින් ආරම්භ කිරීමට නියමිත මේ උද්ඝෝෂණය සඳහා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද සහභාගී වන බව එම සංගම් නිවේදනය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial