වත්කම් හෙළි නොකළ සජින් 1000 ක් ගෙවා ගෙදර යයි

Banner

වසරක කාලයක් වත්කම් බැරකම් හෙළි නොකිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය අද රුපියල් 1000 ක දඩ මුදලක් නියම කළා.
නියෝගය නිකුත් කරමින් කොලඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ප්‍රකාශ කළේ අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් වසරක සිර දඩුවමක්ද පැනවීමට පියවර ගන්නා බවයි.
2011 හා 2012 සමයේදී මෙම වත්කම් ප්‍රකාශ නිසි පරිදි ඉදිරිපත් කිරීමට හිටපු මන්ත්‍රීවරයා පියවර ගෙන තිබුණේ නැහැ.

Banner