වත්තල ද්විත්ව ඝාතන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් 4ක්

වත්තල, හේකිත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ෂණයට පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් මෙම විමර්ෂණ ක්‍රියාත්මකයි.

මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.

වෙඩි තැබීමෙන්, පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

W3Schools