වන්නියාකුලම් ඝාතන සිද්ධියේ සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට

අනුරාධපුර වන්නියාකුලම් හීදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියේ සැකකරුවන් 4 දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතරින් ප්‍රධාන සැකකරු හා තවත් අයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගැණුනු අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද පස්වරුවේදීයි.
මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පළිගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණවී ඇත්තේ.
ඝාතනයට ලක්වූ තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ද ඝාතනය කරන බවට මෙම සැකකරුවන් තර්ජනය කර තිබූ බවද සදහන්.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.