වයිබර් යළිත් වැඩ / ෆේස් බුක් තහනම සිකුරාදායින් නිමයි

තාවකාලිකව සීමා කර ඇති ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ලබන සිකුරාදා යළි යථා තත්වයට පත් කළ හැකි වනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කළේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය වරයාගේ අනුමැතිය මත ෆේස්බුක් සමාගම සමඟ එකඟත්වයකට පැමිණීමෙන් මෙම පියවර ගැනෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් අද ලංකාවට පැමිණෙන බවයි.

ඒ අනුව මින් ඉදිරියට සිදුකෙරෙන නියාමනයන් යටතේ ලබන සිකුරාදා වන විට ෆේස්බුක් අවහිරතාවය නිමාවට පත් කිරීමටයි තීරණයවී ඇත්තේ.

මේ අතර පසුගිය 8වනදා සිට අවහිර කරන ලද වයිබර් පණිවුඩ හුවමාරු ජාලය ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සක්‍රීය කෙරුණා.
මේ ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කළ නිවේදනය.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.