You are here
Home > ආසන්න-පුවත් > වරද පිළිගත් හිරුණිකාගේ ගෝලයන්ට අත්හිටවූ සිරදඩුවම්

වරද පිළිගත් හිරුණිකාගේ ගෝලයන්ට අත්හිටවූ සිරදඩුවම්

2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරද පිළිගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් 08 දෙනකුට අද දඩුවම් නියම කෙරුණා.
ඒ කොලඹ මහාධිකරණය විසින්.
ඒ අනුව එම විත්තිකරුවන් 08 දෙනාගෙන් 06 දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 02 ක සිර දඩුවමක් නියම කර එය වසර 12ක් දක්වා අත්හිටුවීමටයි නියෝග කෙරුණේ.
විත්තිකරුවන් අතර සිටි එක් අයෙකු පාසල් ශිෂ්‍යයෙකු වන බැවින් ඔහුට දඩුවම් නියම නොකළ විනිසුරුවරයා රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියෝග කරනු ලැබුවා.
මේ අතර විත්තිකරුවන් 08 දෙනා අතර සිටි එක් විත්තිකරුවෙකු රජයේ සේවකයෙකු වන බැවින් ඔහුට ලිහිල් දඩුවමක් නියම කරන ලෙසට සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා වෙත රුපියල් 75ල000 ක වන්දියක් ගෙවන ලෙසයි ඔහුට නියෝග කළේ.
අනෙක් විත්තිකරුවන් 06 දෙනාට අත්හිටවූ සිර දඩුවමට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් 32,000 ක දඩයක් නියම කෙරුණු අතර පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා වෙත වන්දි ලෙස ඔවුන් විසින් රුපියල් දෙලක්ෂ 15ල000 ක මුදලක් ගෙවිය යුතු බවයි නියෝගයේ දැක්වුනේ.
සිද්ධියට අදාළව වරද පිලි නොගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අදාළ නඩු විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.

Top