වර්ජනය මැද ප්‍රවාහන ප්‍රශ්න ගැන කියන්න දුරකථන අංකයක්

දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් මතුවන ගමනාගමන අපහසුතාවයන් පිළිබද දැනුවත් කිරීම සදහා මහජනතාවට විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී තිඛෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ 0117 505 555 දුරකථන අංකය ඇමතීමෙන් මෙම තොරතුරු ලබාදිය හැකිවනවා.
වර්ජනය හේතුවෙන් අතිරේක බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනය කෙරෙමින් පවතින අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර යොදා ගනිමින් ලංගම බස් රථවල ගමන් කිරීමටද අවස්ථාව සලසා දී තිඛෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව සතුව පවතින බස්රථ හමුදා සහය ඇතිව ධාවනයේ යෙදවීමට ද කටයුතු කර තිබෙන අතර මෙම පවතින තත්ත්වය පාලනය වනතුරු දුම්රිය සේවාව වෙනුවට විකල්ප සේවාවන් ලබා ගනිමින් සහය දක්වන ලෙසයි ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා  ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ.