You are here
Home > ආසන්න-පුවත් > වසර 28ක් තුල මාධ්‍යවේදීන් 2500ක් මරලා

වසර 28ක් තුල මාධ්‍යවේදීන් 2500ක් මරලා

1990 වසර් සිට 2018 වසරේ මේ දක්වා කාලය තුල ලොව පුරා මාධ්‍යවේදීන් 2500ක් ඝාතනයට ලක්ව ඇති බව බී බී සී වෙබ් අඩවිය වාර්තාකර තිබෙනවා. ඒ ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් තබන ලද සුවිශේෂ සටහනක් හරහායි.මෙම වසරේ පමණක් ගතවූ මාස 4 තුල මාධ්‍යවේදීන් 32 නකු ඝාතනයට ලක්ව තිබෙනවා.
ඒ අතරට අප්‍රේල් 30 වනදා ඇෆ්ගනිස්ථානයේදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් 10 දෙනකු ඝාතනයවීමේ සිද්ධියද ඇතුලත්.

Press Freedom

මෙසේ පසුගිය දශක 3 තුල ඝාතනයවූ මාධ්‍යවේදීන් අතර ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක්ද ඇතුලත්.
ලසන්ත වික්‍රමතුංග මහතාද ඒ අතර වනවා.

 

Top