ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයන් පත් කිරීමේ සූදානමක්

ව්‍යවස්ථාදායක සභාවට නව සාමාජිකයින් පත් කිරීම ඉදිරි සතිය තුළ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතිය යටතේ එම පත් කිරීම් සිදු කෙරෙන බවයි.
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් පස් දෙනෙකුගේ නිළ කාලය පසුගියදා අවසන් වූ බැවින් මෙසේ නව සාමාජිකයින් පත් කිරීමට නියමිතයි.
පසුගියදා තිලක් මාරපන/විජිත හේරත්/ ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න යන මහත්වරුන් සහ සිවිල් නියෝජිතයින් දෙදෙනෙකුගේ නිළ කාලය අවසන්ව තිබුණා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා /විපක්ෂ නායකවරයා සහ කථානායකවරයා එහි නිළ සාමාජිකයින් ලෙස තවදුරටත් කටයුතු කරනු ලබනවා.
කෙසේ වෙතත් මීට පෙර ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ අයකුට යළි එහි සාමාජිකත්වය දැරීමට අවසර හිමිවන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *