You are here
Home > ආසන්න-පුවත් > ව්‍යාජ ලිපිය ගැන මංගලයෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

ව්‍යාජ ලිපිය ගැන මංගලයෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

මේවනවිට සමාජ ජාල ඔස්සේ හුවමාරුවන ලිපියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ගෙන් ඉල්ලීමක් කළ බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ මහතා පවසනවා.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දක්වමින් සමරවීර මහතාගේ බව දැක්වෙන අත්සනින් නිකුත් කළ ලිපියක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වීම පිලිබදයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

Top