You are here
Home > උණුසුම් පුවත් > වාද්දූව ෆේස් බුක් සාදයේ මරණ 4ට දෙදනෙකු අත්අඩංගුවට

වාද්දූව ෆේස් බුක් සාදයේ මරණ 4ට දෙදනෙකු අත්අඩංගුවට

වාද්දූව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුල පැවැති සාදයකින් පසු 4 දෙනකු මියයාමේ සිද්ධියට අදාළව එම සාදය සංවිධානය කළ ආයතනයක පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඒ අනුව මෙම සාදය සංවිධානය කළ ආයතනයේ බලපත්‍ර හිමිකරු හා ප්‍රවර්ධන කළමනාකරුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එක් සැකකරුවකු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් තැනැත්තා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සාදයේදී භාවිතා කළ මත්ද්‍රව්‍ය විෂවීමකින් අදාළ මරණ සිදුව ඇති බවටයි සැක කෙරෙන්නේ.
සිද්ධියට අදාළව පොලිස්පති නියමයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.ෆේස් බුක් හරහා සංවිධානය කළ සාදයක් පසුගිය 4 වනදා පැවැත්වීමෙන් පසු මෙම මරණ වාර්තා වුණා.
සැකකරුවෙන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Top