වාර්තාගත ජයක් සමග ලංකාව තරගාවලිය සම කරයි

කොදෙව් පිල සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 3 වන තරගය ජය ගනිමින් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ තරගයේ 4 වන දිනයේදී කඩුලු 4ක් අතැතිව තරගය ජය ගැනීමත් සමගයි.
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම ටෙස්ට් තරගයේ පලමු ඉනිමට කොදෙව්වන් ලකුණු 204 ක් රැස් කළා.
එහිදී ශ්‍රී ලංකා පලමු ඉනිම ලකුණු 154 යි.
කොදෙව් දෙවන ඉනිම ලකුණු 93කට සීමාවුණා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 144 ක ඉලක්කයක් හිමිවූ අතර කඩුලු 4ක් දැවී එම ඉලක්කය පසුකර යාමටයි ශ්‍රී ලංකා පිල සමත්වුණේ.
කුසල් පෙරේරා නොදැවී ලකුණු 28 යි. දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 23 යි.කුසල් මෙන්ඩිස් ලකුණු 25 යි.
මෙය බාබඩෝස්හීදී විදෙස් කණ්ඩායමක් ටෙස්ට් තරගයක් ජයගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්වනවා.