You are here
Home > උණුසුම් පුවත් > වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ සේවා මෙන්න

වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ සේවා මෙන්න

ළදරු කිරිපිටි ඇතුළු තවත් භාණ්ඩ හා සේවා ගණනාවකට වැට් බදු නිදහස ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව චැනලින් සේවා සඳහා වැට් බදු ඉවත් කෙරෙන අතර, පෞද්ගලික රෝහල්වල ඇති කාමරවල නවාතැන් ලබාගැනීමට පමණක් වැට් බදු අදාළ වනවා.

දරුවන්ගේ කිරිපිටි, අධ්‍යාපනයට වැදගත් පොත්පත්, වාර ප්‍රකාශන වැට් බද්දෙන් නිදහස් කරන අතරම වෛද්‍ය උපකරණ, රෝහල් යන්ත්‍ර සූත්‍ර, ළමා සුරැකුම් සේවා පරිසර හිතකාමී පුනනර්ජනනීය බලශක්ති උපකරණ වැට් බද්දෙන් නිදහස් වන බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.

මිලියන 15ක් දක්වා මධ්‍යම පාන්තික නිවාස විකිණීමේදී වැට් බදු අය නොකිරීමටයි මෙමගින් තීරණය කර ඇත්තේ.

Top