වැඩ කරන්නේ ජනපති කියන විදියට / පොලිස්පති කියයි

ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ප්‍රකාශ කළා.
ඒ පොලිස් මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින්.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන බැවින් මෙම පියවර ගන්නා බවයි පොලිස්පතිවරයා සදහන් කරන්නේ.
ඒ අනුව ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *