වැලිකඩ 27ක් ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් රටෙත් නැහැ

වැලිකඩ බන්ධනාගාරය තුළ ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ඇති වු කලහකාරි සිද්ධියේ දී රැදවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් මරණිය තර්ජනය සිදු කිරිම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ රහස් පොලිසියට නියෝග කළා.

ඒ සිද්ධියට අදාළ නඩු විභාගය ඊයේ කැදවූ අවස්ථාවේදීයි.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතා පවසා සිටියේ මෙම සිද්ධියේ ඇසින් දු‍‍ටු ප්‍රධාන සාක්කිකරු වන බන්දුල ලියනආරච්චි මහතාගේ බිරියට අවිගත් පිරිසක් පැමිණ 2018/4/6 වන දින තර්ජන සිදු කර ඇති බවයි.

මෙහිදි මහේස්ත්‍රාත්වරයා සදහන් කරනු ලැබුවේ 2015 අංක 4 දරණ සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත ප්‍රකාරව රහස් පොලිසිය ඒ සම්බන්ධව කරුණු සොයා බලා කටයුතු කළ යුතුව ඇති බවත් සාක්කිකරුවන් ආරක්ෂා කිරිමට පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා කළ යුතු බවත් අවධාරණය කළා.

සිද්ධියට අදාළ සැකකරුවන් වන එවකට සිටි කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි හා බන්ධනාගාර බුද්ධි අංශ ප්‍රධාන ජේලර් ඉන්දික සම්පත් යන දෙදෙනා මේ වන විට විදෙස්ගතව සිටින බවද අධිකරණය හමුවේ අනාවරණවී තිබෙනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20